 
                            මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ හෙට පැවැත්වෙන විභාගයේ අයදුම්කරුවන් අතුරින් පාසල් අපේක්ෂකයින් 398,182ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 75,968ක් සිටින බවයි.
එමෙන්ම හෙට දිනයෙන් ආරම්භ වීමට මෙම විභාගය සඳහා කල් ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙසත් අනවශ ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් විභාග කොමසාරිවරයා අපේක්ෂකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්ද සිදුකරනු ලැබුවා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                