/
/
title icon
හිටපු මහඇමති, දැන් මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
හිටපු මහඇමති, දැන් මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
News Editor
5 months ago
Share:
හිටපු මහඇමති, දැන් මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කරනු ලැබුවා.

නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ  මන්ත්‍රීවරයාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙරපාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධවයි.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයේදී කරුණු දක්වනු ලැබුවා.

එහිදී එම කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදුකළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required