/
/
title icon
ට්‍රම්⁣ප්ගේ බද්දට ප්‍රතිචාර ලෙස චීනයෙනුත් බද්දක්
ට්‍රම්⁣ප්ගේ බද්දට ප්‍රතිචාර ලෙස චීනයෙනුත් බද්දක්
News Editor
1 year ago
Share:
ට්‍රම්⁣ප්ගේ බද්දට ප්‍රතිචාර ලෙස චීනයෙනුත් බද්දක්

ලබන අප්‍රේල් 10 වෙනිදා සිට අමෙරිකානු ආනයන මත 34%ක අමතර තීරුබද්දක් පනවන බව චීනය අද නිවේදනය කළා.

ඒ, අමෙරිකාවේ නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසින්.

මෙම තත්ත්වය සම්බන්ධව දැඩි කනස්සල්ලට පත්ව සිටින ලෝක වෙළෙඳ සංවිධානය පුරෝකථනය කරන්නේ මේ වසර තුළ ගෝලීය ආර්ථිකය 1%කින් පහත වැටීමට ට්‍රම්ප්ගේ මෙම තීන්දුව හේතු වනු ඇති බවයි.

අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත 10%ක තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වෙනිදා තීරණය කළා.

ඒ අමෙරිකාව විමුක්තිය ලැබීමේ දිනය ලෙස අප්‍රේල් දෙවැනි දා නම් කරමින්.

ඊට අමතරව එරට සමඟ වැඩිම වෙළෙඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනු ලැබුවා.

ඔවුන් එය හැඳින්වූයේ අන්‍යොන්‍ය තීරුබදු ලෙසින්.

ඒ, යටතේ එම රටවලට 15%ත් 49%ත් අතර බදු පනවා ඇති අතර, ඉන් වැඩිම බලපෑම ලක්වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required