/
/
title icon
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ
Editor
3 weeks ago
Share:
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා. 

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණියා. 

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඉන් පසුව ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට එක්වුණා. 

අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණා. 

මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවුණා. 

ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලැබුවා. 

මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required