/
/
title icon
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්
Editor
3 weeks ago
Share:
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මේ වනවිට මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක 25ට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි.

එමෙන්ම, මේ වනවිට සියලු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බවත් ඔහු පැවසුවා. 

දිස්ත්‍රික්ක 10කට අදාළව සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිටත් අවසන් කර ඇති බවද මුද්‍රණාලයාධිපතිවරයා කියා සිටියා.

ඒ අනුව පොළොන්නරුව, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, හම්බන්තොට, මාතර, මොණරාගල, මාතලේ, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රිකවලට අදාළ ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය අවසන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required