/
/
title icon
වැටුණු කොටස් වෙළෙඳපොල යළි නැගිටියි
වැටුණු කොටස් වෙළෙඳපොල යළි නැගිටියි
Editor
3 weeks ago
Share:
වැටුණු කොටස් වෙළෙඳපොල යළි නැගිටියි

අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යෝජනා හමුවේ ගෝලීය කොටස් වෙළෙඳපොළ කඩාවැටුණු පසුබිමක, පසුගිය දින තුන පුරාවට දැඩි පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළා.

ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඊයේ දිනයේදී ඒකක 15,000 සීමාවෙන් මෙපිටට පැමිණි සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත්වුණා.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙසින් සටහන්ව තිබුණා.

අද දින රුපියල් බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required