
අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව අද පස්වරුවේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වනු ඇති.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද සිට ක්‍රියාත්මක අතර ඊට ප්‍රතිචාර ලෙසයි මෙලෙස චීනයද යළි බදු පනවා ඇත්තේ.
ඒ අනුව, චීන මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.