/
/
title icon
අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35,000ක්
අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35,000ක්
Editor
3 weeks ago
Share:
අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35,000ක්

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊට පොලිස්  නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ.

විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන්ද යෙදවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

එසේම, කොළඹ ආරක්ෂාව සඳහා රථවාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required