/
/
title icon
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන්
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන්
Editor
3 weeks ago
Share:
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන්

අමෙරිකාවේ බදු සංශෝධනය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව නිමාවට පත්ව තිබෙනවා.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා.

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර තිබෙනවා.

අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එසේම අමෙරිකානු රජය සමග සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරීම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

පක්ෂ නායකයන් සමග පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කරගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required