/
/
title icon
රන් මිලේ කැපී පෙනෙන වැඩිවීමක් - පවුමක් දෙලක්ෂ 35,000යි
රන් මිලේ කැපී පෙනෙන වැඩිවීමක් - පවුමක් දෙලක්ෂ 35,000යි
Editor
3 weeks ago
Share:
රන් මිලේ කැපී පෙනෙන වැඩිවීමක් - පවුමක් දෙලක්ෂ 35,000යි

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේදී අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතව ඇති වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් පවතින බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා යොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

කොළඹ රන් වෙළෙඳපොළ අද ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required