 
                            අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබෙනවා.
අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 11 සහ 12 දිනවලදී අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවයි.
ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්තෑ අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති බව ඔහු සඳහන් කළා.
අප්‍රේල් 11 වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541 ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450ක්.
ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                