/
/
title icon
කුෂ් සහ හෂීස් සමග තිදෙනෙකු ගුවන් තොටේදී අල්ලයි
කුෂ් සහ හෂීස් සමග තිදෙනෙකු ගුවන් තොටේදී අල්ලයි
Editor
2 weeks ago
Share:
කුෂ් සහ හෂීස් සමග තිදෙනෙකු ගුවන් තොටේදී අල්ලයි

කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් 03 දෙනෙකු රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. 

රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා බැංකොක් සිට මෙරටට පැමිණ ඇති අතර සැකකරුවන් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි ඔවුන් නවතා පරීක්ෂා කර තිබෙනවා. 

එහිදී ඔවුන්ගේ ගමන් මළු තුළ තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට  රේගු නිලධාරීන් සමත් වුණා. 

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය අතුරින් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,616ක් සහ හෂීස් ග්‍රෑම් 1,762ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්නයි. 

සැකකරුවන් අතුරින් දෙදෙනෙක් කොළඹ පදිංචි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා බදුල්ලේ පදිංචිකරුවෙක්.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required