
මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ, ඉන් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවයි.
ඊයේ දිනයේ පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 48ක ආදායමක් ලබා තිබෙනවා.
මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බවද ඒ මහතා කියා සිටියා.