
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කළා.
අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි ප්‍රතිවිරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණා.