
නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ, අප්‍රේල් 11 වැනිදා සිට එම පියවර ගත් බවයි.
නැෆ්තා භාවිත කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතුද අප්‍රේල් 12 වැනිදා පෙරවරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව මේ වනවිට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබාදී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.