/
/
title icon
අලුතින් පොලිසියට පන්දාහක්
අලුතින් පොලිසියට පන්දාහක්
Editor
1 week ago
Share:
අලුතින් පොලිසියට පන්දාහක්

ශ්‍රී ලංකා පොලීසියට 2025 වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැළසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව අද පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required