
ජලභීතිකාව වැළඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද මියගොස් තිබෙනවා.
පසුගිය 24 වැනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පසුගිය මාසයේ දිනෙක නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු විසින් මෙම සිසුවාගේ මුණුණ ප්‍රදේශය පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවැසියන්ට නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බවට අඟවා තිබෙනවා.
පසුව දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබෙනවා.