/
/
title icon
ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
Editor
4 days ago
Share:
ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වුණා. 

කලක් රෝගාතුරව සිටි  ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණා.

නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා මහතා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදියී.

බදුල්ල පස්සර ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා පානදුර සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required