
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා.
ඒ, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සිදුවූවා යැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායී.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම්දීමකින් අනතුරුව අද දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.