/
/
title icon
තැපැල් ඡන්දය අවසන් - සියල්ල සාමකාමී බව පැෆ්රල් කියයි
තැපැල් ඡන්දය අවසන් - සියල්ල සාමකාමී බව පැෆ්රල් කියයි
Editor
3 days ago
Share:
තැපැල් ඡන්දය අවසන් - සියල්ල සාමකාමී බව පැෆ්රල් කියයි

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද පස්වරු 04.00ට අවසන් කෙරුණා.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් වූ බවයි.

ඒ අනුව තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් 648,495 ක් සුදුසුකම් ලබා තිබුණා.

මේ අතර, දින 04ක් පුරා පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම සාමාකාමී අයුරින් සිදුවූ බව පැෆ්රල් සංවිධානය පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required