
සම්බුදු තෙමගුල වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි.
මැයි මස 09 වැනිදාට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බව චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ.