/
/
title icon
දුම්රියක් පීලි පනී - මුහුදුබඩ සහ ප්‍රධාන මාර්ගයේ ගමන්වාර රැසක් ප්‍රමාදයි
දුම්රියක් පීලි පනී - මුහුදුබඩ සහ ප්‍රධාන මාර්ගයේ ගමන්වාර රැසක් ප්‍රමාදයි
Editor
2 days ago
Share:
දුම්රියක් පීලි පනී - මුහුදුබඩ සහ ප්‍රධාන මාර්ගයේ ගමන්වාර රැසක් ප්‍රමාදයි

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්ර්ය ගමන්වාර රැසක් ප්‍රමාද වී තිබෙනවා. 

එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පැවසුවා. 

දුම්රිය අංගනයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් තිබු දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව තිබූ අතර එම දුම්රිය පස්වරු 06.10ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය වීමට නියමිත තිබු දුම්රියයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required