
කම්කරුවා ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගය සංවිධාන කළ මැයි දින රැලියට තලවකැලේ නගරසභා ක්‍රිඩාංගනයේදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මැතිවරණයට පෙර විදුලි බිල අඩු කරන බව පැවසූ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසු විදුලි බිල වැඩි කරන්න සූදානම් වන බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පච දේශපාලනයට එරෙහිව ආණ්ඩුවට රතු එළියක් පත්තු කරමින් ජනතාව පාඩමක් කියා දෙනු ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී රටේ සමස්ත පළාත් පාලන ආයතන වලින් අති මහත් ප්‍රමාණයක් සමගි ජන සන්ධානය ජයග්‍රහණය කර ගම හදා රට හදන වැඩපිළිවල ගමින් ආරම්භ කරන බවත් ප්‍රේමදාස මහතා පැවසුවා.


