
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වනවා.
ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් තර්ජනය කර ඇති බවට වාර්තා පළවුණා.
තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.