
2025 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.
මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 8.1% වර්ධනයක්.
ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 8.6%ක වර්ධනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණයයි.
මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපැයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් 229,298 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.3%කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.