
ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා රජයේ සූදානම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමට සම්බන්ධ සියලු නියෝජිතයන් එක්ව ඇති බව සඳහන්.
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ හිඟයකින් තොරව ඖෂධ සැපයිමේ කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි කරුණු පැහැදිළි කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව විසින් පිරිවැය, රක්ෂණ සහ සැපයුම් අගය මත පදනම්ව 80%ක උපරිම සිල්ලර මිලක් ලබා දෙන්නේ නම් පමණක් තොග වෙළෙඳුන් හට 18%ක ලාභයක් ලබා දිය හැකි බව මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
මේ වනවිට බහුලව භාවිතවන ඖෂධ කිහිපයක වර්තමාන මිල හා මිල සූත්‍රය යෙදීමෙන් මිල පහළයාම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ඖෂධ ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.