/
/
title icon
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ
Editor
5 days ago
Share:
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වනවා. 

ඒ, ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද දුරකථන ඇමතුමකට අනුවයි. 

අද පෙරවරු 11.59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ UL122 දරන එම යානය පුළුල් සෝදිසියකට ලක්කර තිබෙනවා. 

කෙසේ වෙතත්, ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු අදාළ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා නොවන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required