/
/
title icon
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්
Editor
6 days ago
Share:
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙන බවයි එම කොමිසම නිවේදනය කළේ. ‍

ඒ අනුව අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම මැතිවරණ නීතිය අනුව තහනම් වනවා. 

මේ අතර, මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 4150ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා. 

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 28ක් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පැමිණිලි 3,860ක් සහ වෙනත් පැමිණිලි 262ක් වාර්තා වී ඇති බව සඳහන්. 

එම පැමිණිලි අතුරින් පැමිණිලි මේ වන විට පැමිණිලි 3,495ක් විසඳා ඇති බව පැවසු මැතිවරණ කොමිසම පැවසුවේ තවත් පැමිණිලි 655ක් විසඳීමට කටයුතු කරමින් සිටින බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required