
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පොලීසියට අවසර ලබා දී තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පොලීසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමග තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එහිදී සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.