
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වියට්නාම ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා සිදුකරන මෙම සංචාරයේදී එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද නියමිතයි.
ඊට අමතරව "හෝ චී මිං" නගරයේ මැයි 06 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පැවැත්වීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

