/
/
title icon
ආයතන 339කට සභිකයින් තෝරන පුංචි ඡන්දය ඇරඹෙයි
ආයතන 339කට සභිකයින් තෝරන පුංචි ඡන්දය ඇරඹෙයි
Editor
3 days ago
Share:
ආයතන 339කට සභිකයින් තෝරන පුංචි ඡන්දය ඇරඹෙයි

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනවා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත්.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required