
බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දන්සැල සංවිධාන කර තිබෙනවා.
ඒ අතර විවිධ ආකාරයේ දන්සැල් සංවිධාන කර ඇති අයුරු දැකගත හැකිවුණා.
කුරුණෑගල - රිදීගම විවිධ සේවා සමූපකාර සමිතියද අද බත් දන්සැලක් සංවිධාන කර තිබූ අතර, එය මනාව සංවිධාන කර තිබුණා.
ඒ අනුව ඊට පැමිණෙන ජනතාව නිසිපරිදි පෝලිම්වලින් ඇතුළු කරගනිමින් දන්සල පැවැත්වූවා.
ආහාරගෙන යන ජනතාවට අතුරුපසක් ලෙස දන්සැල කෙලවර කෙසෙල්කැන් තබා තිබූ අයුරුද මෙහිදී දැකගත හැකිවුණා.












