
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ එකඟතාවයක් ඇතිකරගෙන තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීයී.
එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාමලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් හෙට දිනයේදීම හමුවීමට නියමිතයි.