/
/
title icon
විදුලිබල මණ්ඩලයෙන් යළිත් අලාභයක්
විදුලිබල මණ්ඩලයෙන් යළිත් අලාභයක්
Editor
6 days ago
Share:
විදුලිබල මණ්ඩලයෙන් යළිත් අලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමක්.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්.

මණ්ඩලයේ ආදායමද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රුපියල් බිලියන 144 ක්. 

2024 වසරේ කාර්තු හතරේදීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයක් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required