/
/
title icon
Global Eye - පකිස්ථානයෙන් වෙන් වී ස්වෛරි රාජ්‍යක් වන බලෝචිස්තානය
Global Eye - පකිස්ථානයෙන් වෙන් වී ස්වෛරි රාජ්‍යක් වන බලෝචිස්තානය
Presila Sandaruwani
5 days ago
Share:
Global Eye - පකිස්ථානයෙන් වෙන් වී ස්වෛරි රාජ්‍යක් වන බලෝචිස්තානය

පාකිස්තානයට අයත් විශාල ම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තානය පාකිස්තානයෙන් ඉවත් වී වෙන ම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය පසුගිය සතියේ සඳහන් කර තිබුණි. මේ වන විට ඉන්දු - පකිස්ථාන් ගැටුමේ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම තත්ත්වය මත මෙවැනි වාතාවරණයක් උද්ගත වීම කෙරෙහි මුලු ලෝකයේ ම අවධානය ඒ වෙත යොමු වී ඇත. අද  Global Eye විශේෂාංගය මේ පිළිබඳවයි.

9742645a646ab50db8dee3cac72a348c.png

බලොචිස්තානයට බටහිරින් ඉරානය ද, වයඹ දෙසින් ඇෆ්ගනිස්ථානය ද, ඊසාන දෙසින් සහ නැගෙනහිරින් කයිබර් පක්තුන්ක්වා සහ පන්ජාබ් පළාත් ද, ගිනිකොන දෙසින් සින්ද් පළාත සහ දකුණෙන් අරාබි මුහුද ද මායිම්ව පවති. මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 134,051ක් එනම් වර්ග කිලෝමීටර 347,190 කි. පාකිස්තානයේ සමස්ත මුළු භූමි ප්‍රමාණයෙන් 44%ක් ම නියෝජනය වන්නේ බලොචිස්තාන් පළාත මගිනි. බලොචිස්තානය හෙවත් බලුකිස්තානය 1970 දී එහි වර්තමාන ස්වරූපයෙන් වෙන ම පළාතක් ලෙස ස්ථාපිත කරන ලදී. එය පකිස්ථානයේ විශාලත ම සහ ජනාකීර්ණ ම පළාතයි. එහි අගනුවර ක්වෙටා වේ. බලුකිස්තානයේ ප්‍රධාන භෞතික කලාප හතරක් ඇත. මධ්‍යම සහ ඊසානදිග ප්‍රදේශවල ඉහළ උස්බිම් නැගෙනහිරින් සුලෙයිමාන් කඳුවැටියෙන් සහ වයඹ දෙසින් ටෝබා කකාර් කඳුවැටියෙන් මායිම් වී ඇත. පහළ උස්බිම්වලට සුලෙයිමාන් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්; බටහිරින් මක්‍රාන්, ඛරාන් සහ චාගයි හි පහළ පරාසයන්; සහ ගිනිකොන දෙසින් පබ් සහ කිර්තාර් පරාසයන් ඇතුළත් වේ. මෙම උස්බිම් ප්‍රදේශ ප්‍රධාන වශයෙන් සංචාරක එඬේරුන් විසින් ජනාවාස කර ඇත. පැතලි තැනිතලා වෙරළ දිගේ උතුරු දෙසට කඳුකරයට විහිදේ; වයඹ දෙසින් ශුෂ්ක කාන්තාර කලාපයක් චගයි, ඛරාන් සහ මැක්‍රාන් කාන්තාර සහ ලෝරා සහ මාෂ්කෙල් වගුරු බිම් වලින් සමන්විත වේ. ඉහළ උස්බිම් ඉන්දු ගඟට ගලා යන අතර පහළ උස්බිම් උතුරට වගුරුබිම්වලට හෝ දකුණට අරාබි මුහුදට ගලා යයි. ආසියානු මෝසමේ බලපෑමෙන් පිටත, පළාතේ වැඩි කොටසක් වියළි වන අතර මහාද්වීපික අධික තාපය හා සීතල සමඟ මුසුව පවතී. ජලය, විදුලිය සහ ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා මෙම කලාපය තුළ කෘෂිකර්මාන්තය සීමා වී ඇත. තිරිඟු, ඉරිඟු සහ සහල් ප්‍රධාන ආහාර බෝග වන අතර පලතුරු ප්‍රධාන ආදායම් උපයන බෝග වේ. බැටළුවන් ඇති කිරීම ජනගහනයෙන් බහුතරයක් සිදු කරන අතර භූමියෙන් වැඩි කොටසක් එම සත්ත්ව පාලන කටයුතු සඳහා අත්පත් කර ගෙන ඇත. බැටළුවන් මගින් උසස් තත්ත්වයේ ලොම් සැපයෙන අතර ඒවා අපනයනයට ද යොමු කෙරෙයි. ම කුඩා පරිමාණයෙන් සෑම කර්මාන්තයක් පාහේ ම සිදු කරනු ලබන අතර කපු සහ ලොම් නිෂ්පාදනය, ආහාර සැකසීම, කාපට් සෑදීම, රෙදිපිළි සහ සම් එම්බ්‍රොයිඩර් කර්මාන්ත, කුඩා යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය සහ අත්කම් ආදී රැකියා මූලාශ්‍ර ඇතුළත් වේ. දුර්වල ප්‍රවාහන ජාලයක් මෙරටෙහි පවතින නමුත් ප්‍රධාන නගර සම්බන්ධ කරන මාර්ග මෙන් ම දේශීය සේවාවක් සපයන ගුවන් තොටුපළක් ද පවති.

63608a8b392538f70c109c56d6010a1e.png

පාකිස්තානයේ විශාලත ම ප්‍රාන්තය වුවත් මිලියන 247ක් වන පාකිස්තාන මුළු ජනගහනයෙන් බලොචිස්තානයේ වෙසෙන්නේ මිලියන 15ක පමණ පිරිසක් පමණි. ස්වභාවික වායු, ගල් අඟුරු, තඹ, රත්රන් සහ අනෙක් ඛනිජ බලෝචිස්තානයේ සුලබව පැවතුන ද එම ප්‍රාන්තය පාකිස්තානයේ ඇති දිළිඳු ම ප්‍රාන්තය ලෙස සැලකෙයි. 1947 වසරේ දී පාකිස්තානය නිදහස් රටක් බවට පත්වන විට 'කලාත්' නමින් එකල හැඳින්වූ බලොචිස්තානය, 1948 වසරේ දී හමුදා බලය භාවිත කරමින් පාකිස්තානයට බලහත්කාරයෙන් ඈඳාගෙන ඇත. එදා සිට අද දක්වා ම බලොචිස්තානයේ පාලනය තමන් සතු කරගැනීමට එහි වැසියන් පාකිස්තානය සමග සටන් වැදුණි. 1948 සිට අවස්ථා කිහිපයක දී සිදු වූ නැගී සිටීම් මෙන් ම 2004 වසරේ දී ආරම්භ වූ විමුක්ති කැරැල්ල ඒ අතරින් ප්‍රධාන සංධිස්ථාන ලෙස සැලකිය හැක. මෙම කැරැල්ල මෙහෙයවන බලෝච් විමුක්ති හමුදාව හා බලෝච් ජනරජ හමුදාව ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් නීතිවිරෝධී කටයුතුවල නිරතව සිටින බව වාර්තා වේ. මීට දෙමසකට පමණ පෙර මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන බලෝචිස්තානයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් පැවති දුම්රියකට ප්‍රහාර එල්ල කළේ ද එම බලෝච් විමුක්ති හමුදාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එවැනි සිදුවීම් කිහිපයක් සමග ප්‍රාන්තයේ නගර කිහිපයක පාලනය පාකිස්තාන හමුදාවෙන් ගිලිහී කැරලි කණ්ඩායම් අතට පත්වීමත් සමග මෙලෙස බලෝචිස්තානය, පාකිස්තානයෙන් නිදහස ලැබූ ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

514971d16b5991cc6bd655cbd44760bd.jpg

බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ 'X' සටහනක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව නිරාවරණය කර තිබේ. සිය කලාපයේ දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රචණ්ඩත්වය, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් බලොචිස්තාන් පාකිස්තානයෙන් නිදහස ප්‍රකාශ කරන බව එම සටහනෙන් දක්වා ඇත. එමෙන් ම ඔහු ඉන්දියානු පුරවැසියන්ගෙන්, මාධ්‍ය, යූ ටියුබ් ඇතුළු සමාජමාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බලොචිස්තාන්, පාකිස්තානයේ ම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසයි. බලොචිස්තාන් තවදුරටත් පාකිස්තානය නොවන බවත්, බලෝචි ජනතාව වීදි බැස පාකිස්තානයෙන් වෙන්වීමේ සතුට පළකරන බවත් එහි තව දුරටත් දක්වා ඇත. බලෝච් දේශපාලන ක්‍රියාකාරීන් එම රාජ්‍ය නම් කර ඇත්තේ බලෝචිස්තානය ජනරජය ලෙසය. නමුත් බලෝචිස්තානය මෙලෙස ස්වෛරීචත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධව පාකිස්තානය නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කෙසේවෙතත් ඉන්දු - පාකිස්තාන ගැටුමේ තාවකාලික සටන් විරාමයක් පවතින අවස්ථාවක බලෝචිස්තානය ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ගෙන තිබීම ආන්දෝලනාත්කම කරුණක් වන අතර එය පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් කරනු ඇති බව විද්වත් මතයයි.

 

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required