/
/
title icon
අට කෝටියකට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායි තරුණයෙක් අත්අඩංගුවට
අට කෝටියකට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායි තරුණයෙක් අත්අඩංගුවට
Editor
1 week ago
Share:
අට කෝටියකට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායි තරුණයෙක් අත්අඩංගුවට

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශිකයෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තායිලන්ත ජාතිකයෙක්.

සැකකරු මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහායී.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ ''කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 910ක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required