
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවයි.
කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයින පුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇති.
අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.