
හෙළ සිනමාවේ නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා (26) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.
1947 වසරේ අප්‍රේල් මස කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසුකාලිනව ශ්‍රී ලංකාවේ සිනමාව දික්විජය කළ ඇය මාලනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්වුණා.