
ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
වැල්ලවත්ත - හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තිඹිරිගස්යාය ප්‍රදේශයේදී ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධියට අදාළව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා.
සැකකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.