/
/
title icon
කැරම් බෝඩ් නඩුවට මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිරදඬුවම්
කැරම් බෝඩ් නඩුවට මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිරදඬුවම්
Editor
1 day ago
Share:
කැරම් බෝඩ් නඩුවට මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිරදඬුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළා.

ඒ අනුව හිටපු සතොස සභාපති සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කෙරුණු අතර, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරුණා.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළා.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required