
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවයි.
රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බව ඔහු තවදුරටත් පැවසුවා.