
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ රාත්‍රී 8.00 සිට අද රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණිලි අතුරින් මේ වනවිට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවයි.
එමෙන්ම අනෙකුත් බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව පැය 24ක කාලය තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසුවා.
විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයිද ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා කියා සිටියා.
ඒ අතුරින් මධ්‍යම පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 15,000න් 5,300ක ප්‍රමාණයක් සහ බස්නාහිර පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 10,000න් 1,700ක ප්‍රමාණයක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් පිළිසකර කර තිබෙනවා.
එමෙන්ම මේ වන විටත් විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වී නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් ආදි සිදුවීම් වාර්තා වන්නේ නම් විදුලි බල මණ්ඩලයේ 1987 අමතා දැනුවත් කරන ලෙසත් විදුලි බල මණ්ඩලයේ CEB Care ජංගම යෙදුම මගින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.