/
/
title icon
ලෝක රූ රැජින කිරුළ, තීරණය අද රාත්‍රියේ
ලෝක රූ රැජින කිරුළ, තීරණය අද රාත්‍රියේ
Editor
1 day ago
Share:
ලෝක රූ රැජින කිරුළ, තීරණය අද රාත්‍රියේ

ඉන්දියාවේ පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද පස්වරුවේ හයිද්‍රාබාද් හි "HITEX" සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනවා.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්වුණා.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

පසුගිය මැයි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබනවා.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටින්නේ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මතයි.

කෙසේ වෙතත්, එම 18 දෙනා අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇති.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබනවා.

ඉන් 05 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required