
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අනුව මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නැහැ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325ක්.
ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 293ක් බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.