
ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවයි.