/
/
title icon
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2983ක් අත්අඩංගුවට
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2983ක් අත්අඩංගුවට
News Editor
1 year ago
Share:
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2983ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙබරවාරි 22 වැනිදා සිට මැයි 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් වන බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින්ද එලෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required