/
/
title icon
වාහන ආනයනයෙන් ආණ්ඩුවට බිලියන ගණනක ආදායමක්
වාහන ආනයනයෙන් ආණ්ඩුවට බිලියන ගණනක ආදායමක්
Editor
1 day ago
Share:
වාහන ආනයනයෙන් ආණ්ඩුවට බිලියන ගණනක ආදායමක්

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසුවා. 

ඒ, මුදල් අමාත්‍යාංශය යටතට ගැනෙන රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තු සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් එම කමිටුව පසුගියදා කැඳවූ අවස්ථාවේදීයි. 

මෙහිදී භාණ්ඩාගාර නිලධාරීන් සඳහන් කළේ වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවයි.

එසේම, ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් රේගුවෙන් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද එහිදී අනාවරණ වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required