/
/
title icon
වෙනස් වෙන්න, නැත්නම් වෙනස් කරනවා - ජනපති අවධාරණය කරයි
වෙනස් වෙන්න, නැත්නම් වෙනස් කරනවා - ජනපති අවධාරණය කරයි
Editor
1 day ago
Share:
වෙනස් වෙන්න, නැත්නම් වෙනස් කරනවා - ජනපති අවධාරණය කරයි

රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

කෑගල්ල නිදහස් මාවතේ අද පැවැති ජගත් පරිසර දින සැමරුම්  උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. 

පොදු ජාතික විඥානයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

මෙවර ජගත් පරිසර දින තේමාව "ප්ලාස්ටික් භාවිතය දුරලමු" වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව "දලුලන්න - ඉඩදෙන්න" යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

6662d31e62593cf9ba826227275ca787.jpg
73472853633a5da8dd700bfd3ae0e428.jpg
b6370e37c9a24fc0df674bccbcbe5a3a.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required