/
/
title icon
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අදත් වර්ජනයේ
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අදත් වර්ජනයේ
Editor
1 day ago
Share:
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අදත් වර්ජනයේ

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද යළි වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ කරගෙන නැහැ. 

අද වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්ව ඇති බවයි චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required