/
/
title icon
චන්ද්‍රාණි බණ්ඩාරට අධිචෝදනා භාරදෙයි
චන්ද්‍රාණි බණ්ඩාරට අධිචෝදනා භාරදෙයි
News Editor
11 months ago
Share:
චන්ද්‍රාණි බණ්ඩාරට අධිචෝදනා භාරදෙයි

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද දිනයේදී අධිචෝදනා භාරදෙනු ලැබුවා. 

අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා භාරදීම සිදුවුණා. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ 'දූෂණය' නම් වරද යටතේයී.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුකෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required